Posts

රුවන් වැලි සෑ පූජාව බොරුවක් ද? අද රහතන් වහන්සේලා නැද්ද? අද කාලේ රහත් වෙන්න බැරි ද?

Image
රුවන් වැලි සෑ පූජාව බොරුවක් ද?  අද රහතන් වහන්සේලා නැද්ද?  අද කාලේ රහත් වෙන්න බැරි ද? රහත් වීමට හෝ ඊට පහළ යම් මාර්ග ඵලයක් සාක්ෂාත් කර ගැනීමට හෝ  ආර්යශ්ටාන්ගික මාර්ගයේ මාර්ගාංග දියුණු කළ යුතු බව සඳහන් වෙයි. මෙසේ මාර්ගය වඩා රහත් වූ බොහෝ පිරිසක් අතීතයේ ලංකාවේ ද සිටි බව පොත පතෙහි දක්වා තිබේ. අතීතයේ සේ ම වත්මනේ ද ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා පහළ වේවා යන අදිටනින් රුවන් වැලි සෑය අබියස සිදු කරන පූජාවක් ගැන බොහෝ දෙනෙක්  මේ දිනවල කතා කරති. මෙම ලිපිය එම පූජාව සම්බන්ධ ව නොවේ; වර්තමානයේ වැඩ සිටින, රහත් වූ බවට බොහෝ දෙනා විශ්වාස කරන භික්ෂූන් වහන්සේලා දෙනමක් පිළිබඳවයි. මෙහි අන්තර්ගත කරුණු අන්තර්ජාලය පරිශීලනයෙන් ලබා ගත් ඒවා ය. මහනුවර වජිරබුද්ධි හිමි     ගිහි කල මහනුවර අධ්‍යාපනය හදාරා පසු ව විද්‍යා උපාධියක් ද ලබා, 1990 දී බුදු දහම පිළිබඳ ගවේෂණයක් ආරම්භ කළ මුන් වහන්සේ ගිහියෙක් වශයෙන් ම වසර 10ක් පමණ වනගත ව සිට බෝහෝ ගුරුවරයන් ඇසුරු කරමින් සමථ විදර්ශනා භාවනා දියුණු කර, අනතුරු ව පැවිදි වී ඇත. කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කළ කහටපිටියේ සුමතිපාල හිමියන් ගේ ගෝල නමක...

කතරගම දෙවියන් කෝප වෙයි ද? අලුයම් පූජා මුරයට බාධා

Image
කතරගම දෙවියන් කෝප වෙයි ද? අලුයම් පූජා මුරයට බාධා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තුමා හා කපු මහත්වරුන් අතර ඇති වූ අර්බුදයක් නිසා දේවාලයේ අලුයම් පූජා මුරය පැවැත්වීමට බාධා පැමිණි බවට මාධ්‍ය වාර්තා පලවිය. මෙම ලිපිය ඒ සම්බන්ධයෙන් නොව, කතරගම දෙවියන් යනු කවුරුන් ද? යන වගට පල වන මත පිළිබඳයි.     වසර දහස් ගණනක් තිස්සේ ලාංකිකයන් ගේ සේ ම අන්‍ය ජාතිකයන් ගේ ද ගෞරව බහුමානයට පත් කතරගම  දෙවියන්  , “ස්කන්ධ”, “මුරුගන්” ආදී නම්වලින් ද හඳුන්වයි. ඇතැම් ජනප්‍රවාදයන්ට අනුව කතරගම දෙවියන් කතරගමට පැමිණීමට ප්‍රථම හිමාලයේ කයිලාශ් කන්දේ තම භාර්යාව වූ තෙය්වාණි ද සමග වාසය කළ බව කියවේ. ලංකාවේ කතරගමට පැමිණීමෙන් පසු, ලංකාවේ සිටි ආදිවාසීන් විසින් පෝෂණය කරනු ලැබූ “වල්ලි” නම් රූමත් කාන්තාවට පෙම් බැඳ, ඇය ව පාවා ගත් බවත් සඳහන් වෙයි.     තවත් ජනප්‍රවාදයකට අනුව කතරගම දෙවියන් ලෙසින් වැඳුම් පිදුම් ලබන්නේ කතරගම කිරි වෙහෙර සැදවූ මහසෙන් රජතුමා ය. කතරගම දෙවියන් පිළිබඳ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් ගේ අදහස්     බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් ඉන්දියාවට වැඩම...

විජේදාස ගේ පලහිලව්ව 2020 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය පැරදවීමේ කුමන්ත්‍රණයක් ද?

Image
විජේදාස ගේ පලහිලව්ව 2020 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය පැරදවීමේ කුමන්ත්‍රණයක් ද? විජේදාස රාජපක්ෂ යනු මේ දිනවල මාධ්‍යයන්හි බොහෝ අවධානය දිනා ඇති පුද්ගලයෙකි. විශේෂයෙන් සිංහල බෞද්ධ ජනයා අතර ඔහු ජාතික වීරයෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරයි. හම්බන්තොට වරාය චීනයට බදු දීමට ඔහු දැඩි ලෙස විරුද්ධ වීම විශේෂයෙන් මෙම කාරණාවට පාදක වී ඇත. තව ද ඔහු දිගින් දිගට ම සිදු කරන ජාතිකවාදී හා ආගම්වාදී ප්‍රකාශ නිසා බෞද්ධ භික්ෂූන් සේ ම ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ද ඇතුළු බොහෝ ජාතිකවාදී බලවේගවල පැසසුමට ලක් වී ඇත. නමුත් මෙහි දී ඇති වන ගැටලුව නම් මීට වසර කීපයකට ඉහත දී විජේදාස රාජපක්ෂ මහතා සිදු කළ ඇතැම් ප්‍රකාශ නිසා   ඔහු සිංහල බෞද්ධයන් අතර අප්‍රසාදයට ලක් වූ පුද්ගලයෙකු වීමයි. එක් මාධ්‍ය හමුවක දී ඔහු “ ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි තිබෙන්නේ කොහෙද” යි විචාලේ ය. ඉතා කෙටි කාලයක් තුළ මෙසේ ප්‍රතිපත්තියේ වෙනසක් ඇති වීම සැක උපදවන කරුණෙකි. මෙම සිද්ධීන් අප කියවා ගත යුත්තේ වත්මනේ ආණ්ඩුව පත් ව ඇති දැඩි අර්බුදකාරී තත්වය හා 2020 මැතිවරණයට කෙසේ මුහුණ දීමට සිදු වේද යන සන්දර්භය තුළයි.   ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනපතිවරණය ...