කතරගම දෙවියන් කෝප වෙයි ද? අලුයම් පූජා මුරයට බාධා

කතරගම දෙවියන් කෝප වෙයි ද? අලුයම් පූජා මුරයට බාධා

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තුමා හා කපු මහත්වරුන් අතර ඇති වූ අර්බුදයක් නිසා දේවාලයේ අලුයම් පූජා මුරය පැවැත්වීමට බාධා පැමිණි බවට මාධ්‍ය වාර්තා පලවිය. මෙම ලිපිය ඒ සම්බන්ධයෙන් නොව, කතරගම දෙවියන් යනු කවුරුන් ද? යන වගට පල වන මත පිළිබඳයි.
    වසර දහස් ගණනක් තිස්සේ ලාංකිකයන් ගේ සේ ම අන්‍ය ජාතිකයන් ගේ ද ගෞරව බහුමානයට පත් කතරගම දෙවියන් , “ස්කන්ධ”, “මුරුගන්” ආදී නම්වලින් ද හඳුන්වයි. ඇතැම් ජනප්‍රවාදයන්ට අනුව කතරගම දෙවියන් කතරගමට පැමිණීමට ප්‍රථම හිමාලයේ කයිලාශ් කන්දේ තම භාර්යාව වූ තෙය්වාණි ද සමග වාසය කළ බව කියවේ. ලංකාවේ කතරගමට පැමිණීමෙන් පසු, ලංකාවේ සිටි ආදිවාසීන් විසින් පෝෂණය කරනු ලැබූ “වල්ලි” නම් රූමත් කාන්තාවට පෙම් බැඳ, ඇය ව පාවා ගත් බවත් සඳහන් වෙයි.
    තවත් ජනප්‍රවාදයකට අනුව කතරගම දෙවියන් ලෙසින් වැඳුම් පිදුම් ලබන්නේ කතරගම කිරි වෙහෙර සැදවූ මහසෙන් රජතුමා ය.
කතරගම දෙවියන් පිළිබඳ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් ගේ අදහස්
    බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් ඉන්දියාවට වැඩම කළ විටෙක “නාඩි වාක්‍ය” බලන ස්ථානයකට ගොස් කතරගම දෙවියන් පිළිබඳ විමසා තිබේ. නාඩි වාක්‍ය ශාස්ත්‍රයේ  “ප්‍රත්‍යෙක කාණ්ඩයේ” මනෝමය ප්‍රශ්න විග්‍රහයේ දී උන්වහන්සේ මෙලෙස කතරගම දෙවියන් පිළිබඳ විමසා ඇත.
    බුදුන් වහන්සේ බුදු වූ අලුත ඉන්දියාවේ සිටි සූර්යයා මෙන් මහානුභාවසම්පන්න “සුබ්‍රහ්මන්‍ය” නම් දේවතාවාට ලංකාවේ කතරගමට වැඩම කරන සේ නියෝග දී ඇත. පසු ව බුදුන් වහන්සේ ලක් දිව කතරගමට වැඩියා වූ අවස්ථාවේ දී එහි සිටි මිනිසුන් ප්‍රාණ ඝාත, බිලි පූජා ආදිය සිදු කරමින් සිටිනු දැක, කතරගම දෙවියන් උදෙසා එහි දේවාලයක් සාදන ලෙසත්, එම දෙවියන් ඔබේ ආරක්ෂක දේවතාවා බවත්, ඔහුට තම දුක් ගැනවිලි පවසන ලෙසත් වදාරා නැවත ඉන්දියාවට වැඩම කළ බව ප්‍රකාශ වේ.

https://youtu.be/HAYZ3qvjK_Q

Comments

Popular posts from this blog

රුවන් වැලි සෑ පූජාව බොරුවක් ද? අද රහතන් වහන්සේලා නැද්ද? අද කාලේ රහත් වෙන්න බැරි ද?

විජේදාස ගේ පලහිලව්ව 2020 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය පැරදවීමේ කුමන්ත්‍රණයක් ද?