රුවන් වැලි සෑ පූජාව බොරුවක් ද? අද රහතන් වහන්සේලා නැද්ද? අද කාලේ රහත් වෙන්න බැරි ද?
රුවන් වැලි සෑ පූජාව බොරුවක් ද? අද රහතන් වහන්සේලා නැද්ද? අද කාලේ රහත් වෙන්න බැරි ද?
රහත් වීමට හෝ ඊට පහළ යම් මාර්ග ඵලයක් සාක්ෂාත් කර ගැනීමට හෝ ආර්යශ්ටාන්ගික මාර්ගයේ මාර්ගාංග දියුණු කළ යුතු බව සඳහන් වෙයි. මෙසේ මාර්ගය වඩා රහත් වූ බොහෝ පිරිසක් අතීතයේ ලංකාවේ ද සිටි බව පොත පතෙහි දක්වා තිබේ. අතීතයේ සේ ම වත්මනේ ද ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා පහළ වේවා යන අදිටනින් රුවන් වැලි සෑය අබියස සිදු කරන පූජාවක් ගැන බොහෝ දෙනෙක් මේ දිනවල කතා කරති. මෙම ලිපිය එම පූජාව සම්බන්ධ ව නොවේ; වර්තමානයේ වැඩ සිටින, රහත් වූ බවට බොහෝ දෙනා විශ්වාස කරන භික්ෂූන් වහන්සේලා දෙනමක් පිළිබඳවයි. මෙහි අන්තර්ගත කරුණු අන්තර්ජාලය පරිශීලනයෙන් ලබා ගත් ඒවා ය.
මහනුවර වජිරබුද්ධි හිමි
ගිහි කල මහනුවර අධ්‍යාපනය හදාරා පසු ව විද්‍යා උපාධියක් ද ලබා, 1990 දී බුදු දහම පිළිබඳ ගවේෂණයක් ආරම්භ කළ මුන් වහන්සේ ගිහියෙක් වශයෙන් ම වසර 10ක් පමණ වනගත ව සිට බෝහෝ ගුරුවරයන් ඇසුරු කරමින් සමථ විදර්ශනා භාවනා දියුණු කර, අනතුරු ව පැවිදි වී ඇත. කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කළ කහටපිටියේ සුමතිපාල හිමියන් ගේ ගෝල නමක් වන කිරිමටියානේ අරියඥාන හිමියන් ගේ උවදෙස් අනුව භාවනා කර රහත් වූ බව සඳහන් වෙයි. මෙම ස්වාමීන් වහන්සේ සහභාගී වූ රූපවාහිනී වැඩසටහනක් පහතින් දැක්වේ.
දන්කන්දේ ධම්මරතන හිමි
https://m.youtube.com/watch?v=zRVfNgsFWaQ



Comments
Post a Comment