විජේදාස ගේ පලහිලව්ව 2020 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය පැරදවීමේ කුමන්ත්‍රණයක් ද?


විජේදාස ගේ පලහිලව්ව 2020 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය පැරදවීමේ කුමන්ත්‍රණයක් ද?


විජේදාස රාජපක්ෂ යනු මේ දිනවල මාධ්‍යයන්හි බොහෝ අවධානය දිනා ඇති පුද්ගලයෙකි. විශේෂයෙන් සිංහල බෞද්ධ ජනයා අතර ඔහු ජාතික වීරයෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරයි. හම්බන්තොට වරාය චීනයට බදු දීමට ඔහු දැඩි ලෙස විරුද්ධ වීම විශේෂයෙන් මෙම කාරණාවට පාදක වී ඇත. තව ද ඔහු දිගින් දිගට ම සිදු කරන ජාතිකවාදී හා ආගම්වාදී ප්‍රකාශ නිසා බෞද්ධ භික්ෂූන් සේ ම ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ද ඇතුළු බොහෝ ජාතිකවාදී බලවේගවල පැසසුමට ලක් වී ඇත.

නමුත් මෙහි දී ඇති වන ගැටලුව නම් මීට වසර කීපයකට ඉහත දී විජේදාස රාජපක්ෂ මහතා සිදු කළ ඇතැම් ප්‍රකාශ නිසා  ඔහු සිංහල බෞද්ධයන් අතර අප්‍රසාදයට ලක් වූ පුද්ගලයෙකු වීමයි. එක් මාධ්‍ය හමුවක දී ඔහු “ ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි තිබෙන්නේ කොහෙද” යි විචාලේ ය. ඉතා කෙටි කාලයක් තුළ මෙසේ ප්‍රතිපත්තියේ වෙනසක් ඇති වීම සැක උපදවන කරුණෙකි.

මෙම සිද්ධීන් අප කියවා ගත යුත්තේ වත්මනේ ආණ්ඩුව පත් ව ඇති දැඩි අර්බුදකාරී තත්වය හා 2020 මැතිවරණයට කෙසේ මුහුණ දීමට සිදු වේද යන සන්දර්භය තුළයි.  ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනපතිවරණය සඳහා ඉදිරිපත්වනු ඇතයි සමාජයේ විශාල කතාබහක් පැවතිනි. එසේ වුවහොත් ඔහු ගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත්වීමට පුද්ගලයෙකු ආණ්ඩුව තෝරා ගත යුතු ය. ගෝඨාභය මහතා හට සිංහල බෞද්ධ ඡන්ද වැඩි බහුතරයක් ලැබෙනු ඇත. එවන් තත්වයක දී සුළු ජාතික ඡන්දවලින් පමණක් කිසිසේත් ආණ්ඩුවට ජය ගැනීමට හැකියාවක් නො ලැබෙනු ඇත. මෙවැනි වටපිටාවක් තුළ ගෝඨාභය ගේ ඡන්ද පදනම කැඩීමට නම් අනිවාර්යයෙන් සිංහල බෞද්ධ ඡන්දවලින් කොටසක් කඩා ගැනීමට හැකි, අපේක්ෂකයකු තෝරා ගත යුතු ය. මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජනප්‍රියත්වය දැන් ඉතා අඩු වී ඇති නිසා ඔහු මේ සඳහා සුදුසු නො වේ. රනිල් වික්‍රමසිංහ මහතාට ද ගෝඨාභය හා තරග කර දිනීමට නොහැකි ය. එසේ නම් ඒ සඳහා සුදුසු ම පුද්ගලයා විජේදාස රාජපක්ෂ නො වේ ද?

ගෝඨාභය 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමට නම් සිංහල බෞද්ධ ඡන්දවලින් අති-බහුතරයක් ලබා ගත යුතු ය. ඔහුට සුළු ජාතික ඡන්ද නො ලැබෙනු ඇත. නමුත් විජේදාස රාජපක්ෂ ද මේ සඳහා ඉදිරිපත් වුව හොත් ඔහුට සිංහල බෞද්ධ ඡන්ද කොටසක්, එජාප ඡන්ද සියල්ල හා සුළු ජාතික ඡන්ද කොටසක් ද හිමි වී ඔහු ජය ගනු ඇත.

2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු විදෙස් බලවේග සහාය වූ බව ප්‍රකාශිත ය. එසමයෙහි ගලගොඩත්තේ ඥානසාර හිමි ප්‍රධාන බොදු බල සේනාව සිදු කළ ක්‍රියා නිසා මුස්ලිම් ඡන්ද ඔහුට අහිමි විය. මහින්ද ගේ ඡන්ද කැඩීමට ඥානසාර හිමි ද මෙහයවනු ලැබූ යේ මෙම විදෙස් කුමන්ත්‍රණකරුවන් බව ප්‍රකාශ විනි. මෑතක දී ඥානසාර හිමිට විරුද්ධ නඩුවක දී විජේදාස රාජපක්ෂ උන් වහන්සේ ව ආරක්ෂා කළ බවට ද බොහෝ දෙනා චෝදනා කළ හ. එසේ කළේ මන් දැයි තවත් ගැටලුවක් පැන නැගේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනපතිවරණයට ඉදිරිපත් වී ජය ගතහොත් කිසිසේත් ඇමෙරිකාව ඉන්දියාව වැනි විදෙස් රටවල් හා දෙමල ඩයස්පෝරාවට අවශ්‍ය දෑ ඉටු කර ගත නො හැකි වනු ඇත. සිංහල බෞද්ධ ඡන්ද නැති ව ඔහුට එදිරි අපේක්ෂකයෙකුට ජය ගැනීමට ද නො හැකි වනු ඇත. මෙවන් කාරණා සැලකීමේ දී අමාත්‍ය විජේදාස ගේ වත්මන් හැසිරීම 2020 ට ඉදිරිපත්වීමේ මූලික උපායක් ද? ඔහු ඉදිරියේ දී ගන්නා ක්‍රියා මාර්ග අනුව මේ පිළිබඳ තීරණයකට එළඹිය හැකි ය.



   


Comments

  1. මෙතරම් රත්වෙනවා දැක්කේ මෙයත් එහෙනම්
    මෙකටද

    ReplyDelete
  2. ව්ජේදාසයගේ හැසිරිම මට මුල ඉදලම සැකයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රුවන් වැලි සෑ පූජාව බොරුවක් ද? අද රහතන් වහන්සේලා නැද්ද? අද කාලේ රහත් වෙන්න බැරි ද?

කතරගම දෙවියන් කෝප වෙයි ද? අලුයම් පූජා මුරයට බාධා